මායාවී ඔබ ගියදා මං මුලාවීmaayaawii oba giyadhaa man mulaawii

Mayaawee Oba Giyada

ගී පද

මායාවී ඔබ ගියදා මං මුලාවී..
අඳුරේ කඳුලින් මා සිත ගිලීලා..
වියැකී මියැදී ගිය ජීවිතේ..
යළි මා ජීවය ලැබුවා..

ඔබ නොදැක මොහොතක් නැතිවූ කාලේ..
මගේ හුස්මත් ඔබ යැයි සිතූ ඒ කාලේ..
ජීවිතයෙන් ආදරයේ මොහොතේ..
මා හා හැරදා යාවී..

මායාවී යාවී මා හැරදා යාවී..
දිවි හිමියෙන් පෙම් කෙරු පෙම්බරී..
යාවී යාවී මා හැරදා යාවී..
ආදරේ නොහඳුනන ඔබ යාවී..

රන් මුතු මට නෑ මට නෑ..
පටසළු මට නෑ මට නෑ..
මගේ ලෝකේ ඔබ පැතූ දේවල් නෑ
එනමුදු අලේ හදවත උතුරා
ගලනා තරමට පෙම් කෙරුවා මං..
ඒ බව නොදැනද මගෙ සිත තලලා පෙලලා
දැන දැන මට මාවද නැති කෙරුවේ..

මායාවී යාවී මා හැරදා යාවී..
දිවි හිමියෙන් පෙම් කෙරුවත් යාවී..
යාවී යාවී මා හැරදා යාවී..
දිවි හිමියෙන් පෙම් කෙරුවත් යාවී..

මට දුක නෑ දුක නෑ..
මං තරහත් නෑ තරහත් නෑ..
මගේ ලෝකේ ඔබේ සුවඳත් අද නෑ..
නිදහසේ පියඹා...මා දැන් යනවා..
ඔබෙ ලෝකෙන් මා යන්නම යනවා..
ආයෙත් ආවත් මගේ සිත කොහෙදෝ සෙව්වත්
ඒ මියැදුණු සිත යළි එන්නේ නෑ..

මා යාවී යාවී ඔබ හැරදා යාවී..
මා රැවටූ ඔබ හැරදා යාවී..
මා යාවී යාවී ඔබ හැරදා යාවී..
මා යාවී යාවී හැරදා මා යාවී..//