මායා එනවාmaayaa enawaa

Maya Enawa

ගී පද

චිත්‍රපටය : මායා {නව} (2016)

හොටු විකා ලේ උරාලා නිය වලින් ඇස් උගුල්ලා
දිව ඇද පහලට පෙති පෙති ගන්නේ
පපු හාරා හද මිරිකා උන් හිස මත ගසලා
ගිනි හීයෙන් විද හිස අවුලන්නේ
මායා එනවා දඬුවම් දෙනවා 
දෙවියන් වරමින් ගිනිඹුල් වෙනවා
දෙපතුල් ඉරලා ගිනි දල්වනවා
නොමරා මරමින් දඬුවම් දෙනවා

කපා දැමු දේහ දැවේ නලියන මස් බැදලි කැබේ
සතුරු බිමේ රතු එලි ගිනියමින් පැලේ 
කුණාටුවක් වගේ ඇදේ ගිනියම් වූ දෙනෙත් සැලේ
දෙතිස් වදේ දේවි මෙසේ මෙවන් කුරිරු රටක් නැතේ......

උණු කටාරමේ දමලා කියතින් සිරුර ඉරලා 
වස නිය එක එක උගුලා ගන්නේ
ගිනි යපස් හිසට දමලා විසයවුල්ව බලා
ඇගේ සතුරන් හට දඬවම් දෙන්නේ
මායා එනවා දඬුවම් දෙනවා 
දෙවියන් වරමින් ගිනිඹුල් වෙනවා
දෙපතුල් ඉරලා ගිනි දල්වනවා
නොමරා මරමින් දඬුවම් දෙනවා

සතුරට බෑ පලා යන්න මේකයි මායා බලේ
ලෝකේට යුක්තිය බෙදන්න දෙවියොයි ඈ බිහි කලේ
නාග පොළොං විසකුරු වන් මිනිසුන් සිටිනා බිමේ
මායා මායාවක් වි උන් වනසාලනු පෙනේ
(කපා දමා සතුරා නසා දෙවියන් දුන් පුද බිමේ
දෙවිඳුට පිළි පඬුරු පුදා කළගුණ සලකනු පෙනේ....//)