ගී පද
මව්නේ සදා වඳින දෑත ඔබ කිරිකර පෙවූ
කිරේ ණය ගෙවන්නට මා වැන්දත් නිරතුරු
ගුණයහපත් කම් දන්නා අම්මේ පිවිතුරු
බුදුබව ලැබු දවසේ විත් මා සිතකලතනු
අපේ පරපුරේ නාමය ගෙනයන්නට පැතු
පුතෙක් නැති අඩුව දැනුනත් අම්මේ පියකරු
සදා දෝත වැඳ නිබඳව ඉල්ලමි නිරතුරු
මගෙන්වූ අඩුව අම්මෙ අමතකරලනු
දියණිවරුන්ගේ දරුවන් දුටු දවසේ නෙතු
සතුටු කඳුලු හෙලූ බව මට මතකයි පිවිතුරු
මගෙන් පුතෙක් නැති අඩුවත් අමතකර ලනු
ඔබේ මේ පුතා හැමදා ඔබ ළගමයි මතු