ගී පද

මව්පිය ආදී සොඳුරු තමාගේ
කුලදෙටුවන් සෑමා
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේෙමනි
ගෞරවයෙන් පිදුමා යුතු වේ

ආයුෂ වර්ණා සැප බල ප්‍රඥා
යන මේ අගනා ප්‍රතිඵල නේකා
ගෙන දේ සංකා නෑ මෙලොවේහී
සාදරයෙන් පිදුමා

ලෝකනාථගේ මංගල සූත්‍රේ
ඒ විශේෂයෙනි පා වදාළේ
වැඩ සෑදේවී ඉන් දෙලොවේහී
කටයුතු සංග්‍රහ එයින් උදාවූ