ගී පද
මාවතේ අපි යයි කියා
අපේ ජීවිතේ අතරමං කලා
මාවතේ අපේ ජීවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ නාමයෙන් අපව
ඈත ඈත ඈත ඈත ලොවකට
කොන් කලා ගී ගයා
රැඟුමන් රඟා ලොවට පෙන්නලා
මාවතේ ගෙවුනු ජීවිතේ
මිය නෑ ගියේ තනිව හාමතේ
කණ්ණාඩි දාපු නිළධාරියන්
නිළධාරියන්
පාට පාට සළු අන්දලා
වේදිකාව මත නංවලා
රූපවාහිනියේ පෙන්නලා අපව පෙන්නලා
මාවතේ යැදුව යාතිකා
වේදිකාව මත ගීතිකා
සංගීතකාරයන් ගෙන්නලා
අපව පෙන්නලා
දැන් ඉතිං කොහිද ජීවිතේ
නෑ තැනක් අපට මාවතේ
නිලධාරියන්ගෙ චාටූ කතා චාටූ කතා