මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේmawakagee unusuma nolabaa saepata nidhana puthee

Mawakage Unusuma Nolaba

ගී පද

මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ //

හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ
සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ
අප දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ
නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ
මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා
සුර විමනක වැදී. මගේ රන්කද නිදී

තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම වුනේ
කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ
මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා//
ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ
සුර විමනක වැදී. මගෙ රන්කද නිදී//