මවකගෙ උණුසුම නොලබාmawakage unusuma nolabaa

Mawakage Unusuma Nolaba

ගී පද

මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
(ඔබෙන් සිඟිති පුතේ මගෙ පාළුව ‍මැකේ.....//)

හිතේ තියෙන පාළු ගතිය මගහරින්න පුතේ
සුර කුමරුන් සමගින් ඔබ හි‍නැහෙනවද පුතේ
අප දෙන්නා අඳුරු ලොවක තනි කර දා පුතේ
නුඹෙ අම්මා දිවිය ලෝකෙ ගියා පුංචි පුතේ.....

මා හට දී ‍ඔයා 
ඈ සු‍රලොව ගියා
සුර විමනක වැදී 
මගෙ රන්කඳ නිදී….

තවමත් කිරි සුවඳ දැනේ ඔබේ සිඟිති කටේ
ඔබ නැති නම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
පුතු‍ගෙ උපත ම‍වගෙ විපත එක දිනයෙම වුනේ
කොහොම ද මම සිහිකරන්නෙ පුතුගෙ උපන් දිනේ.....

(මා හට දී ‍ඔයා, ඈ සු‍රලොව ගියා......//)
ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගේ දෙනෙත් වලට කඳුළු පිරෙයි පුතේ
(සුර විමනක වැදී මගෙ රන් කඳ නිදී......//)