මැට්ටියේ (අවසාන බලාපොරොත්තුවත්)maettiyee (awasaana balaaporoththuwath)

Mattiye (Awasana Balaboroththuwath)

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

ගී පද

ආදරේ තිබූ අවසාන බලාපොරොත්තුවත් 
හෝදා යන මොහොතේ දුක නැත්තේ කාටද ලොවේ
හදවතින් පිදූ සම්බන්ධතා ඔයත් මරා දාලා
හිත ඔබගේ ගල් ගැසුණේ කොහොමද මෙසේ
මගේ මැට්ටියේ නුඹව සිහි ගන්වමින් 
වද වෙච්ච හැටි දන්නේ කවුරුද වෙනින්
සරලවම කිව්වොත් ආදරේ නමින් 
මං හිටියේ පණ දෙන්න සූදානමින්.....

දවසේ පළවෙනි ඇමතුම ඔබගෙන් නොවැරදීම ආවා
නින්දට මත්තෙන් පැය දෙක තුන අපි හුඟක් දේ කිව්වා
මගේ මැට්ටියේ ඔබ ඇත්ත දන්නේ නෑ
ඔය ඇස් දෙකේ කෝ දුක ඇත්තේ නෑ
මගේ මැට්ටියේ නුඹව සිහි ගන්වමින් 
වද වෙච්ච හැටි දන්නේ කවුරුද වෙනින්
සරලවම කිව්වොත් ආදරේ නමින් 
මං හිටියේ පණ දෙන්න සූදානමින්.....

පණ සේ නොදෙවැනි විදියට හිටියා මතක නැද්ද ඒවා
සසරේ කොතැනක කොයි විදිහටවත් දුකක් නම් නොවේවා
මගේ මැට්ටියේ ඔබ ඇත්ත දන්නේ නෑ
ඔය ඇස් දෙකේ කෝ දුක ඇත්තේ නෑ.....

ආදරේ තිබූ අවසාන.....