මැටි ගෙදර අපේ කිරි අම්මාmaeti gedhara apee kiri ammaa

Mati Gedara Ape Kiri Amma

සංගීතය:
ප්‍රසාද් සිරිවර්ධනprasaadh siriwardhhana
පද රචනය:
රවී වසන්ත වෙල්ගමrawii wasantha welgama

ගී පද

බිම වැටුන කිරි දතට 
හඬන මගෙ ළපටි හිත
අඹ ගහේ ලේනෙකුට දුන්නා
අහිමි වී ගිය දිනෙක සිනාසිය හැකි හිතක්
අතීතෙන් මට ගෙනැත් දුන්නා
(මැටි ගෙදර අපේ කිරි අම්මා...//)

රහත් නමකට නොදෙන 
කැවුම් මල්ලක් තියෙන 
සිටුවරුන් සිටු ගෙදර උන්නා
මා නමින් ගෙයි ඉදෙන 
කැවුම් අහුරෙන් එකක්
හඬන කෝඳුරුවන්ට දුන්නා
(මැටි ගෙදර අපේ කිරි අම්මා...//)

බිම වැටුන කිරි දතට....

මැටි ගෙදර තිබුනු තැන 
ගමක කුස ගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ ඉන්නා
වෙබ් අඩවියේ තැනෙක 
හමු වුනොත් දන්වන්න 
(මැටි ගෙදර අපේ කිරි අම්මා...///)