ගී පද
මතකේ පුරා හඬනා ඔබ කී කතා
අඳුරේ පවා පෙනෙනා ඔබ සිහිවෙනා
මොහොතක් මගේ ළඟ නැවතීලා
වෙන් වීම යන්නට හිත හදලා
කවදාක හෝ මේ සසරේ
මට මැව්වේ ඔබම නිසා.......
නෑ කිසිදා මට දැනිලා ඔබ හිමි නෑ කියා
හිත උතුරා සැනසුනුදා ඔබ තුරුලටම වෙලා
මුමුණනා සෙනෙහේ කතා
හද පුරා සිතුවම් වෙලා
හැම හුස්මේ ළඟ රැඳිලා
මට මැව්වේ ඔබම නිසා.......
දුක උහුලා ඉන්න ඔයාගේ ඉරණම කියලා
ඔබ හින්දා රැවටුණු දා මට ලොව එරෙහි වෙලා
නොහැඟෙනා කඳුළු වුණා
ඔබ මගෙන් වෙන් වී ගියා
මතු භවයේ පතමි මෙමා
මට මැව්වේ ඔබම නිසා.......
මතකේ පුරා........