මතකේ පමණක්mathakee pamanak

Mathake Pamanak

සංගීතය:
කසුන් රණසිංහkasun ranasinha
පද රචනය:
කසුන් රණසිංහkasun ranasinha

ගී පද

මතකේ පමණක් මටත් තියා ඔයා විතරක් වෙනාස් වෙලා
හඬන හිත නෑ බරක් වෙලා හීන විතරක් මගේ වෙලා
දිවියේ පුරා සෙනෙහේ නිසා දුක ආයේ ළං වෙන්නෙපා
මට දුන් ඔයා ඒ වේදනා කොයි කාටවත් දෙන්නෙපා.......

පපුව පතුලේ කඳුල නොපෙනේ අඬයි හිත කෑ ගසා නොඇසේ 
අහිමිකම මේ හිතට වද දේ තනි වූ හිත නෑ හදාගන්නේ 
ඔයා දුන් ආදරය හින්දා සදාකල් මේ දුකම වින්දා 
දිවියේ පුරා සෙනෙහේ නිසා දුක ආයේ ළං වෙන්නෙපා
මට දුන් ඔයා ඒ වේදනා කොයි කාටවත් දෙන්නෙපා.......

නොදැනී සසරේ බැඳුනු සෙනෙහේ රිදෙන හැටි මේ රුධිර අතරේ
විඳින දුක මේ ලොවට නොපෙනේ ඔබද මට ආදරේ කෙරුවේ
ඔයා දුන් ආදරය හින්දා සදාකල් මේ දුකම වින්දා 
දිවියේ පුරා සෙනෙහේ නිසා දුක ආයේ ළං වෙන්නෙපා
මට දුන් ඔයා ඒ වේදනා කොයි කාටවත් දෙන්නෙපා.......

මතකේ පමණක්.......