ගී පද
මතකයන් ඔබේ සිහිනයක් වගේ
යළි යළිත් මැවේ මට නිරන්තරේ
හැම ආත්මයක් පාසා ඔබ ආදරෙයි කීවා
මට ජීවිතේ දැනුනා ඔය දෑසමයි ඕනා
මතකයන් ඔබේ සිහිනයක් වගේ
යළි යළිත් මැවේ මට නිරන්තරේ
ඔබ මා අමතන හඬ මට ඇසුණා
ජීවිතයේ සුන්දර යාමේ
ආදරයේ දුක මහමෙර තරමට
රිදුනා කඳුලක් ගානේ
මා හඳ හැඟුමන් බෑ සඟවන්නට
සසර පුරා උපදින වාරේ
හීනෙන් ඇවිදින් මා තනිකර දා
යන්න එපා පණ මගේ
මතකයන් නුඹේ