මතකයන් හිත පාරවයිmathakayan hitha paarawayi

Mathakayan Hitha Parawai

ගී පද

මතකයන් හිත පාරවයි
වසන්තේ කොහෙදෝ ගිහින්
ජීවිතේ තැනක නැවතිලා 
මැකීයයි පිය සටහන් 
පාසලින්....

සෙනෙහසක් නෑවිදින් ඇවිදින් ගියා
මුදු වදන් මතකෙන් ගිලිහී ගියා
හසරැල්ල සුළගේ දැවටී ගියාවේ
බිදුණු සිත පෑරැණා රහසේ
ආයෙමත්....

වසන්තය හොරැහින් අසලින් ගියා
රාත් ‍රිය දිගුවී බොදවී ගියා
මටම මා අතහැරී නොහැරී ගියාවේ
පාලුවේ තනිවුනා මතකේ
ආයෙමත් ......

මතකයන් හිත පාරවයි
වසන්තේ කොහෙදෝ ගිහින්
ජීවිතේ තැනක නැවතිලා 
මැකීයයි පිය සටහන් 
පාසලින් .......