ගී පද
මතකය අරගෙන යන්න යනවා නම් මා අතැර
මා ළඟටම වී සිටිය කාලය අමතක නොකර //
ළඟපාත නෑ දැන් කවුරුවත් හෙවණැල්ල විතරයි මගේ
හිත ගාව ඇයි ඔබෙ රුව මකා තනිකම ඇවිත් නැවතුනේ
මියදේවි මා ඔබ දිවුරූ නිසා හැමදාම ඔබ මගේ කියා
මතකය අරගෙන ....
මෙතුවක් ඔබේ හසරැල් මතින් ලියවුණු මගේ ජිවිතේ
එනමුත් අපේදහසක් පැතුම් මගෙ හද තුලම මිය ගියේ
මියදේවි මා ඔබ දිවුරූ නිසා හැමදාම ඔබ මගේ කියා
මතකය අරගෙන ....