මතකයිද අයියේmathakayidha ayiyee

Mathakaida Aiye

සංගීතය:
පසන් ලියනගේpasan liyanagee
පද රචනය:
කසුන් කොඳසිංහkasun kondasinha

ගී පද

පොඩි කාලේ ආයේ සිහිවෙලා
මුව හසරැල්ලක් දැන් මතු වෙලා
ද‍‍ඟ වූ ඒ කාලේ අපි එදා
හැමදා ඒ මතකේ රැකගමි මා

මතකයිද මාගේ අයියේ
අම්මාගේ තුරුලෙ හොවා
රෑ යාමේ හිස අත ගෑවේ
සුරඟන කතා කියලා
අප සුරඟනා ලෝකේ
රජ කුමරු නුඹයි සදා
සුභ පතමි මංගල දිනයේ
ඉනු මැන තුටින්... අයියේ

අත් අල්ලගෙන එදා
පාසල වෙත දිව්වා
තාත්තගේ පිට නැගලා
අපි පෙරහැර බැලුවා

කල වයස එළඹිලා
පතිකුලයට යනවා
මේ දෙහද සෑමදා
ලංවී පවතීවා

මතකයිද මාගේ අයියේ....//