ගී පද
මතකයි ඔබ මා හැරගිය දවසේ
මා තනි වූවා ගං ඉවුරේ
එදා මැකී ගිය සඳ දිය රැල්ලට
නෑ තවමත් පායා ආවේ
මතකයි ඔබ මා හැරගිය දවසේ
මා තනි වූවා ගං ඉවුරේ.......
සෙනෙහස් ඔරුවක පාවී යනවිට
ගඟුලට බැස ඔබ පා දිව්වා
තනි වූ ඔරුවේ පාවී යන විට
බොර දිය ඔච්චම් කෙරුවා
මතකයි ඔබ මා හැරගිය දවසේ
මා තනි වූවා ගං ඉවුරේ......
ඔබ සිහිවන විට තනි වූ මා සිත
ගඟුලට යන්නට ඔරුව පදිනවා
හබලට දැමෙනා බොර වූ දිය තද
ඔබේ සුවඳ මට ගෙන එනවා......
මතකයි ඔබ මා.......