මතකදmathakadha

Mathakada

සංගීතය:
නදීක ගුරුගේnadhiika gurugee
පද රචනය:
චරිත් සේනාධීරcharith seenaadhhiira

ගී පද

මතකද ඔබට මතකද
හිරුද මිය ගිය එක සැඳෑවක 
මරා දැමුවා ඔබ අපේ 
ආදරේ

වෙරළේ සොඳුරු තුරු ගොමුවක 
හෙවණේ 
ආදරෙන් වෙළී උන් මොහොතක 
නොසිතූ වෙලාවක
උන්නද මම 
ඇසිපියක්වත් ගහන්නට කලියෙන් 
ගෙල මිරිකලා 
අවසාන පණ පොද මුහුකලා 
උඩු හුළඟට

මතකද ඔබට මතකද
වැළලුවා අපි අපේ සෙනෙහස
වැටකේ පඳුර යට 
වෙරළේ ගැඹුරු පතුලක 
යළි කවමදාවත් නොඑන ලෙස 
හිත තියා බරට ඒ මත 
යළි කවමදාවත් නොඑන ලෙස 
හිත තියා බරට ඒ මත
බරට ඒ මත

මතකද
ඔබට මතකද