මතක විතරක්mathaka witharak

Mathaka Vitharak

සංගීතය:
සුනෙත් කැලුම්suneth kaelum
පද රචනය:
ලක්ෂ්මන් නයනකාන්තlakshman nayanakaantha

ගී පද

මතක විතරක් මගේ ළඟ තියෙනා 
දුරක ගියදා තනිව නෙතු දකිනා
එකම හීනය යළි දකින්නට මගේ නෙතු හැඬුවා
වරින් වර තැවුණා...

ජීවිතේ නුහුරු නුපුරුදු තනිකමක වෙලිලා
ගෙවී යන මේ දවස් අතරේ ඔබේ රුව මැවුණා
යළිත් උණුසුම් නොවන පපුතුර රිදුම් දී නගනා
සුසුම් කෙනෙහෙලි හඬට සවන 
(පුරුදු වී තිබුණා...//)

මතක විතරක් මගේ...

ආදරේ සියුම් රිදුමක් විඳවනා මගේ හිත දවනා
තබා මහමෙර පරදවන දුක මගේ හිත මත්තේ
ඔයා හිනැහුණේ කෙලෙසකද යළි කියා මා සෙව්වා
හිතේ පාරා යළිත් මතකය 
(රිදුම් ගෙන ආවා...)//

මතක විතරක් මගේ...