මතක තියාගන්නmathaka thiyaaganna

Mathaka Thiyaganna

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
කැලුම් දිසානායකkaelum dhisaanaayaka

ගී පද

ප්‍රශ්න නැහැ තවත් ඔබෙන් විමසන්න
දැන් සතුටින් යන්න
හුස්ම කෑ ගසයි හදේ නවතින්න
කාටත් නොපෙනෙන්න

මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න
(සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව...//)

ස්‍තුතියි ඔය අතින්
පාර කැපුවට මට විඳවන්න
දැන් හතියි ජීවිතේ
කාලෙ හරි හුස්මට සමුදෙන්න

මතක තියාගන්න....

ඔය මුවේ සිනහවයි
හදවතින් හැමදා පැතුවේම
තරහ නෑ මගෙ නෙතින්
කඳුලු ගත්තට හැම මොහොතේම

මතක තියාගන්න....