ගී පද
මතක නැති වී ගිහින් ඔබට මා මේ තරම් ඉක්මනින්
මග බලා ඉන්නවා තවම ආය ඔබ එයි කියා
මට දුන්න මේ දුක එපා තවෙකුට දෙන්න යළි කිසිදා...
හුරු වෙලා දුක දැනෙන තනිකම කියාගන්නට බෑ
අහස තරමට ආදරෙයි කීව ඔයත් යන්නම ගියා
මට දුන්න මේ දුක එපා තවෙකුට දෙන්න යළි කිසිදා...
මතක නැති වී...
රතු වෙලා නෙතු රිදෙනවා හිත උහුල ගන්නට බෑ
මතක අතරේ ඔයා සැඟවී කොහෙද ඉගිලී ගියා
මට දුන්න මේ දුක එපා තවෙකුට දෙන්න යළි කිසිදා...
මතක නැති වී...