මත් වීmath wii

Math Wee

සංගීතය:
ලන්ත්‍රා පෙරේරාlanthraa pereeraa
පද රචනය:
චන්ද්‍රදාස ප්‍රනාන්දුchandhradhaasa pranaandhu

ගී පද

සඳ පායන ලස්සන සීතල දවසක 
රන් තරු වැනි ඔය ඇස් දෙක පවසන 
මින් පෙර නොව සුව රහසක් මට ඇසුනා 
නා දළු වන් ඔය සියුමැලි තොල් මත 
පොපියන හසරැල් අතරේ සැඟවුන 
පැතුමද සෙනෙහස බව නම් මට හිතුනා

මත් වී මා සිතේ හැඟුමන් 
සැතපේ ඔබ හා රහසින් 
රඳවා මා සිතේ සැනසුම් 
සොයමී ඔබගේ උණුසුම් 

ඔය දෑස මාගෙ දෑස ගාව රන්දා 
ඔබ කීව රහස ආදරේද මන්දා 
හිනැහෙන්න මාගෙ දෑතෙ දෑත රන්දා 
නැහැනේ මා සිතේ ඉවසුම් 
සොයමී ඔබගේ උණුසුම්

හැමදාම උන්නෙ පාළුවේම හින්දා 
වෙන්වී නොයන්න වේදනාව රන්දා 
මා ගාව ඉන්න ආදරේම කැන්දා 
රඳවා මා සිතේ සැනසුම් 
සොයමී ඔබගේ උණුසුම් 
 
මත් වී මා සිතේ හැඟුමන්......//