මටත් ගස්සලාmatath gassalaa

Matath Gassala

සංගීතය:
අමිල මුතුගලamila muthugala
පද රචනය:
රොෂාන් සමරවික්‍රමroshaan samarawikrama

ගී පද

හිනාව කෝ දැන් ඔය සුදු මූණේ 
කතාව කෝ ඉස්සර වගේ නැහැනේ 
ලතාව කෝ ඉඟ සුඟ පැද්දිල්ලේ  
රටාව කෝ දිග හැඩ ඔය කොන්ඩේ 

මටත් ගස්සලා ගිය හැටි ඉඟත් පද්දලා 
මතක් වෙද්දි නම් තාමත් හිතත් රිදෙනවා 
(තාල ඇහෙන්නේ තාලෙට පාද තියන්නේ 
මාල බඳින්නේ මැණිකෙට ආල පාන්නේ)//

ආලකම් මවන් හීනෙට පාට ගෙනාව 
කෝලකම් මවන් හිත ලඟ එතී කතාව 
රූප සුන්දරී නුඹ මට නැද්ද මනාප 
ආදරේ අරන් දවසක ඉමුකො පතාන 
     
මටත් ගස්සලා ගිය හැටි....

හාදකම් මවන් මං හිත ලඟින් තියාන 
ආදරේ කරන්නම් ඔබ දිහා බලාන
කාරණා හොයන්නෑ මං ඇයිද කියාන
ඉනාවක් වෙලා මට නම් ඔබේ හිනාව 
 
මටත් ගස්සලා ගිය හැටි ඉඟත් පද්දලා 
මතක් වෙද්දි නම් තාමත් හිතත් රිදෙනවා 

හිනාව කෝ දැන් ඔය....
මටත් ගස්සලා ගිය හැටි....