මට තරුවක්mata tharuwak

Mata Tharuwak

සංගීතය:
සංගීත් වික්‍රමසිංහsangiith wikramasinha
පද රචනය:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

ගී පද

(මට තරුවක් නොපෙනෙන අහසේ 
ඔබම කිරි සයුර දුටුවා 
වළාකුලක් නැති අඹර තලේ
ඔබම වැහි අහස දුටුවා)//

විලක් දොලක් මිරිඟුවක සැලේ
ඔබම පැන් බඳුන වූවා
නිලක් රතක් වර්ණයක් නැතේ
ඔබම ඉඳුදුන්න වූවා
ඔබම ඉඳුදුන්න වූවා

(මට තරුවක් නොපෙනෙන අහසේ 
ඔබම කිරි සයුර දුටුවා 
වළාකුලක් නැති අඹර තලේ
ඔබම වැහි අහස දුටුවා)//

ගහක් මලක් නැති මරු කතරේ
ඔබම වන වදුල වූවා
එදත් අදත් මේ කල්ප සැමේ
ඔබම රැකවරණ වේවා
ඔබම රැකවරණ වේවා

(මට තරුවක් නොපෙනෙන අහසේ 
ඔබම කිරි සයුර දුටුවා 
වළාකුලක් නැති අඹර තලේ
ඔබම වැහි අහස දුටුවා)//