මට තහනම් මල් කැකුලෙන්mata thahanam mal kaekulen

Mata Thahanam Mal Kakulen

ගී පද

(මට තහනම් මල්  කැකුලෙන් සුවඳ පැතුවට
මට දැනෙන්නෙ එ් මලේම සුවඳ අපමණ
වැට මායිම් පසු කෙරුවත් සුවඳ මද නල
සිපගන්නට ඇයි තහනම් මා පැතූ මල)...//

උස අත්තක උඩට වෙලා පිපුණු නුඹ ගැන
බලා ඉන්න සඳළුතලේ සිටුවරුන් මැද
ඔච්චම් කර අතු වහලින් හිරු එබෙන මට
මැදුරේ දොර විවර වෙයිද නුඹ බලන්නට

මට තහනම් මල්  කැකුලෙන් සුවඳ පැතුවට
මට දැනෙන්නෙ එ් මලේම සුවඳ අපමණ
වැට මායිම් පසු කෙරුවත් සුවඳ මද නල
සිපගන්නට ඇයි තහනම් මා පැතූ මල

දැනෙනා දුක කවියක් වී නුඹට කියන දින
උඩු මහලේ කවුළු දොරින් නුඹට ඇසේවිද
වැට කොටු බැඳි උයන් තෙරක හැඩට පිපුණු මල
සැඩ සුළඟට අරන් යයිද මටත් හොරෙන් හෙට

(මට තහනම් මල්  කැකුලෙන් සුවඳ පැතුවට
මට දැනෙන්නෙ එ් මලේම සුවඳ අපමණ
වැට මායිම් පසු කෙරුවත් සුවඳ මද නල
සිපගන්නට ඇයි තහනම් මා පැතූ මල)...//