ගී පද
මග හැරුණු ඔය තරු දෙනෙතේ කඳුළු පුපුරා බිම වැටුනේ
වරදින් මගේ අතහැරුණේ ඔබේ ආදරේ
ප්‍රේමය මගේ දෙදරා ගියා මගේ වරදින් ඔබ රවටලා
තනිවුණු දිනේ කවුරුවත් නෑ ඔබ වගේ...
නිරවුල් ඔබේ සෙනේ උතුරා අකීකරු මං ළඟට ගත්තා
එක හිත නැති දඩබ්බර මං තවත් හිතකින් පෙමක් පැතුවා...
මට සමාවෙන්න රත්තරනේ - ආදරෙයි මං මගේ පණ වගේ
වැරදි මා හදාගන්නම් යළිත් ඔබ එන්න දෙනවා නම්
සංසාර ප්‍රේමය වෙනුවෙන් අපි ඉපදුනේ
අපි ළංවෙලා ඉමු පෙර වගේ වරදක් කළා පිළිගන්නෙමි
දෙවියෙක් නොවේ මිනිසෙකි මං මේ ලොවේ...
මටම විතරක් සෙනේ වඩලා දුකින් ඔබ ඇති කළකිරිලා
නැවත සැරයක් හිතින් අහලා - එන්න හැකිනම් මතක වලලා...
මට සමාවෙන්න රත්තරනේ - ආදරෙයි මං මගේ පණ වගේ
වැරදි මා හදාගන්නම් යළිත් ඔබ එන්න දෙනවා නම්
සංසාර ප්‍රේමය වෙනුවෙන් අපි ඉපදුනේ
අපි ළංවෙලා ඉමු පෙර වගේ වරදක් කළා පිළිගන්නෙමි
දෙවියෙක් නොවේ මිනිසෙකි මං මේ ලොවේ...