ගී පද
මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිළින වූවද
තනිවෙලා අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලොකේ තනිවෙලා
මතකයක් කියලා දෙයක් ඇයි
මිනිස් සිතකට පහළ වූයේ
ගෙවෙන මොහොතක් යළිත් කුමටද
හද දවන්නට නැවත ආවේ
ගෙවෙන මොහොතක් යළිත් කුමටද
හද දවන්නට නැවත ආවේ
තනිවෙලා අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලොකේ තනිවෙලා