මට නුඹ හිමි නැති බැව්mata numba himi naethi baew

Mata Numba Himi Nathi Baw

සංගීතය:
අමිල දිල්හාන්amila dhilhaan

ගී පද

මට නුඹ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ
සිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යළි එන්නේ

වත හසරැල් ගවසා ගිනියම් මා හිත ඉකි බින්දා
ඒද නොඒදැයි සිතමින් මගෙ හිත මඟ බලමින් උන්නා
ලොවම කෙසේ කීවත් ඔබ යළි ඒ යැයි සිත කිව්වා

මට නුඹ හිමි නැති බැව් හිත නෑ අදහන්නේ
හිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යළි එන්නේ

අඳුර එළිය නොපෙනී කළ දේ කී දේ නොදනී
මුදා නොහැර මසිතින් රඳවා ගත් වරද මගෙයි
යළි උපදින්න සිතා විගසින් මිය යන්න සිතෙයි

(මට නුඹ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ
සිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යළි එන්නේ)..//