මට නුහුරු ආදරේmata nuhuru aadharee

Mata Nuhuru Adare

සංගීතය:
ප්‍රියශාන්ත අබේවර්ධනpriyashaantha abeewardhhana
පද රචනය:
ප්‍රියශාන්ත අබේවර්ධනpriyashaantha abeewardhhana

ගී පද

මට නුහුරු ආදරේ හැඟුමන් අරන් ලංවෙලා 
මගෙමයි කියා දිවුරා ඔයා ආදර ලොවක් පෙන්නලා 
රැවටූ තරම් මා එදා රිදවූ තරම් ඉවසලා  
සිටියත් ගලක් සේ වෙලා 
වද දෙයි සිතින් 

මට පුරුදු පාළුවේ ඉන්නම් සදා 
කිසිදාක ආදරේ අයදින්නෙපා 
මගෙ පුංචි හීනයේ පැතුමන් දවා 
අරගත්තු ආදරේ යලි නම් එපා 

මග හැරුන ආදරේ නටඹුන් වෙලා 
වැලලෙන්නේ ජීවිතේ කවියක් වෙලා 
මට දුන්නු ආදරේ නාමෙන් එදා 
හමුවන්නෙපා ඔයා මතු කවරදා 
  
මට නුහුරු ආදරේ හැඟුමන් අරන් ලංවෙලා 
මගෙමයි කියා දිවුරා ඔයා ආදර ලොවක් පෙන්නලා 
රැවටූ තරම් මා එදා රිදවූ තරම් ඉවසලා  
සිටියත් ගලක් සේ වෙලා 
වද දෙයි සිතින්