මට නොවෙයි ඔබ ආදරේ කළේmata noweyi oba aadharee kalee

Mata Nowei Oba Adare Kale

ගී පද

(මට නොවෙයි ඔබ ආදරේ කළේ
මගෙන් ලද ආදරේට පමණයි
ඔබ ආදරේ කළේ.....//)

(පෙර හැන්දෑවක ඔබ හමු වන්නට
මා නොපැමිණි දවසේ…..//)
පසුදා තරහින් නොදොඩා හිටියේ
කිමද කියන් ළඳුනේ ආදරේ නම්.......

මට නොවෙයි......

(පුංචි පුතා අප ලොවට එකතු
වී මව් පදවිය ලද දා......//)
මා අමතක කොට හුරතල් බැලුවේ
කිමද කියන් ළදුනේ ආදරේ නම්......

මට නොවෙයි.......//