මට මාව නැතිවී ගිහින්mata maawa naethiwii gihin

Mata Mawa Nathiwee Gihin

ඇල්බමය
නාඩන්න අම්මේ

ගී පද

නාඩන්න අම්මේ ඔබේ හීන මන්..
බිදලා දැම්මා නම්..
හීනෙන් පවා ඔබේ මූණ මන්..
දැකලා හැඩුවා ඉතින්..
හිනහෙන්නෙ නෑනේ මා දැන් ඉතින්..
කවුරුත්ම නෑනේ මාගේ ලොවින්..

මිතුරන් සොයා දුන්න හීනේ අරන්..
මට මාව නැතිවී ගිහින්..

අපරාදේ නේදෝ හොද කාලේ මාගේ
මගෙ ජීවිතේ මාව ගිලිහී ගියා..
හරි මාවතේ මා යවනා ඒ හිනේ
අලු දූලි කරලා මා දුර ගියා..

මිතුරන් සොයා දුන්න හීනේ අරන්..
මට මාව නැතිවී ගිහින්..

මත් ලෝකෙ හින්දා මව් සිහින බින්දා
පව් මිතුදමින් මාව කෙලෙසී ගියා..
කවදාක හෝ මා ඔබෙ ආදරෙන් මා
හොද වෙන්න පතමී ඔබේ පුතු නිසා..

මිතුරන් සොයා දුන්න හීනේ අරන්..
මට මාව නැතිවී ගිහින්..

නාඩන්න අම්මේ .. //