මට මව් පදවියmata maw padhawiya

Mata Mavu Padawiya

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
බන්දුල නානායක්කාරවසම්bandhula naanaayakkaarawasam

ගී පද

මට මව් පදවිය  ලැබුණු දිනේදී
නුඹේ අගේ මට දැණුනේ
අම්මේ - නුඹේ අගේ මට දැණුනේ

ඇතෙක් බරට දායාද නොසෙව්වට
සිප් සතරේ පරතෙරට නොයැව්වද
මවුකම ලද දා දැරූ දුකම ඇති
නුඹේ නමින් පා දූවිලි වන්නට

උඩට උඩු වියන් මවා නොදුන්නට
සිරුරට මුදු සුව යහන් නොදුන්නද
දස මස මා කුස දැරූ පිනම ඇති
නුඹට බුදුන් දැක නිවන් දකින්නට