මට මතකයි දුරmata mathakayi dhura

Mata Mathakayi Dura

ගී පද

මට මතකයි දුර ඈත අතීතෙක
ඔබ හමුවුනු පෙර ආත්මයක්
මට මතකයි සීතල දවසක
මහ වැසි වසිනා රාත්‍රියක්

රැහෙයි හඬක් නැති තරු එළියක් නැති
කඳු පෙත් අතරේ නිසංසලේ
තුන්මං හන්දියේ නොපෙනෙන මායිම
අම්බලමක අපි මුණ ගැසුණේ

මට මතකයි දුර ...

එදා මෙදා තුර කෝ ඔබ කොයිබද
ආත්ම ගණනක් සොයන සුවේ
කවදා හෝ යළි හමුවන දිනයක්
තුන්සිත විමසයි භවෙන් භවේ

මට මතකයි දුර .....