ගී පද
මට මගේ වුණු ඔබවත් අහිමි වෙලා
ආදරේ දුන් සිත ඇයි වෙනස් වෙලා
නපුරුකම් ඔබ කළත් ආදරෙයි හැමදා
මට මගේ වුණු ඔබවත් අහිමි වෙලා...
නොමියෙනා සෙනෙහස ළයේ ඔබ ගැනම තමා
පසු පසම හැම ආත්මයේ ඒවි ඔබව සොයා
කොහොම ඉන්නද මං අනේ ඔබව නොබලා
මගේ සෙනේ සිහි වුණොත් ඒවි යළි සොයලා...
මට මගේ වුණු ඔබවත් අහිමි වෙලා...
මේ තරම් දුර මා ගෙනත් මගින් ඔබ හැරුණා
දුක මගේ උරුමය වෙලා ඔබට නොව කිසිදා
කොහොම ඉන්නද මං අනේ ඔබව නොබලා
මගේ සෙනේ සිහි වුණොත් ඒවි යළි සොයලා...
මට මගේ වුණු ඔබවත්...