ගී පද
මට ලියාගන්න බෑ - දුර ආකාසේ තරු අතරේ
මගේ සිතේ කකියන හැඟුමන් - ඔබ අහස බලන විටදී වත්
ඔබට පෙනෙන සේ
ඔබ ඉන්නා තැනට එන්න -මගෙ සිතුවිලි කුරුල්ලන් නොවේ
ඔබ සිටින තැනට එන්න - මගෙ සියොළඟ වළාවන් නොවේ
තනිවූ මට ඔබේ තනිය - මගෙ තනියට පාළුවද නොවේ
නමුදු ඔබේ නෙතට එන්න - මා හෙළනා කඳුළු උණු නොවේ