ගී පද
(මට කොත්තුත් ඕනේ මට ලයිමුත් ඕනේ
සම්බෝල ටිකක් උඩින් දාලා
චීස් ටිකක් වැඩියෙන් දාලා
ටක ටක ටක ටකස් ගාලා
ගේන්න මල්ලී දැන්.......//)
මට පිට්ටු කන්න බෑ මට ආප්ප කන්න බෑ
මට උදේ කාපු බත් එක දැන් ආයෙත් කන්න බෑ
නානගේ කඩේ වහලා හින්දා ඒකේ කොත්තු නෑ
අනේ foreign කෑම කාලා නම් මට ගෙදර යන්න බෑ
එදා ගිහින් කොත්තු කාලා මයිලෝ බීලා ලයිම් ගහලා
මාර වැඩේ ත්‍රීවීල් එකේ ආතල් එකේ නිදියනකොට
වේටර් අයියා තට්ටු කළානේ මගේ ඔළුවට බිල ගෙවන්න
Purse එක නෑ මගේ ළඟ දැන් පුළුවන් නම් ක්‍රෙඩිට් දෙන්න
ඔන්න මචං ඕකට මල ඌ සෙට් වෙයි මට ගහන්න
ඇදපන් දැන් ත්‍රීවීල් එක වැල්ලවත්තේ බීච් එකට
මාර වැඩේනේ පෙට්‍රල් නෑ ෂේප් එකේ මාරු වෙන්න
අදනම් මට ඉන්න වෙන්නේ කුරුඳුවත්තේ පොලීසියේ
මට කොත්තුත් ඕනේ…..//
[RAP]
මට කොත්තුත් ඕනේ…..//
පොඩ්ඩක් යන්න ඕනේ බම්බා පැත්තේ කොත්තු සද්දේ
ඇහෙයි මචං මහ රෑ මැද්දේ
සුදු ඉරි අයියලා පාර දෙපැත්තේ
ඩ්‍රැග් කරන අපිව අල්ලලා දායිද ඇතුලේ
දැන් නං මචං ලිස්සලා යන්න විදියක් කොහොමත් නෑ
ෂේප් ටෝකක් දාලා බලමු බැරි වෙනකුත් නෑ
යමුද අයියේ අපිත් එක්ක ප්ලේන් ටීයක් බොන්න
එන්න වෙලා නැත්නම් ආ මෙන්න මේක තියාගන්න
මචං මම නම් හිතුවේ අද අපි ඉවරයි කියලා
මදැයි ආවා ඩ්‍රැග්ස් වලට නයි තොගයක් ඇරලා
ෂේප් එකේ ගෙදර යමු දැන් පහටත් ළඟයි
ඔන්න ඔතනින් දාපං මචං ඉතුරු ටික පයින් තමයි
You know I live for you koththu
I’d even die for you koththu
Ever times when laugh for you koththu
I even cry for you koththu
I can’t even sleep in night
Wake up and wonder why?
Always do is love my life
Can’t wait for one to buy
මට කොත්තුත් ඕනේ…..//
Another day has been saved for the citizens of CMB
Until the next time you’re hungry who you gonna call?
Mr. Koththu….