ගී පද
මට කියන්න නම් එපා ඔබ මිරිඟුවක් කියා
මගෙ හදේ හැඟුම් දවා ඔබ මා හැරගියා
මහද ඉමෙන් ඔබ සැඟවීලා කොයි යන්නේ මා තනිකරලා
ඔබ හටමයි මා සැමදා ආදරේ... ආදරේ...
රෑ අහස හැර දමා සඳ තරු මල් සැඟවේ
මා හදම සෝකයෙන් ඝන අඳුරින් ඇලලේ
හිරි පොදද වෑහුනේ කඳුලැල්ද නොම දැනේ
ඔබ කිමද මේ ලෙසේ දුක ඉතිරිකර ගියේ
මට කියන්න නම් එපා...//