මට කියා දෙන්න ඈත යන්න වරද මා කෙරෙන්mata kiyaa dhenna aetha yanna waradha maa keren

Mata Kiya Denna Etha Yanna Warada Ma Keren

ගී පද

මට කියා දෙන්න
ඈත යන්න වරද මා කෙරෙන්
හිත හදාගන්න දුක නිවෙන්න
බැඳුනු ආදරෙන් //

සුදු සේල වලා වියන් බඳින
සොඳුරු කාලයේ
හිත් අහස පුරා
කොහොමද කටු කිනිති රැදෙව්වේ //

මට කියා දෙන්න ....

සිත අමාවකයි පෑයූවත්
සඳ නිලම්බරේ
නුඹ සිනාසෙන්න
කඳුළු බිංදු උනත් මගෙ නෙතේ 

මට කියා දෙන්න ....//