මට කළ ආරාධනාmata kala aaraadhhanaa

Mata Kala Aradhana

සංගීතය:
කසුන් වික්‍රමසිංහkasun wikramasinha
පද රචනය:
කසුන් වික්‍රමසිංහkasun wikramasinha

ගී පද

හැඟුමක රස මැවී
සිහිනෙක පාවෙවී ඉමී 
ඉවසුම් නැති හදින්
ඉතිරෙන ආදරෙන්

කුමරියකගේ මුවින්
ගැහෙනා මුදු හඬින් පෙමින්
අමතක වී සුසුම් තැවුල්
පැතුමද ඉටු වුනා

(මට කළ ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතෙම සුව කළා
රන් හුයකින් එක් වෙලා...//)

කඳුලැල්ලක්වත්  
නෙතු මත නොරැඳී 
නූපන් සුසුම් නොමැකෙනා සේ
නුඹව රකිනවා

සෙවනැල්ලක් සේ
ඔබ ලඟම රැඳී 
පපුතුල උණුසුම් ගඟුලේ 
නුඹව දෝ වනවා

පෙම් ගීතිකා හද පුරා
මගේ ප්‍රේමී නමින් ලියවුනා

මට කළ ආරාධනා....// 

රැඳුනා පැතුමන් 
සිට පෙර භවයකදී 
ඉවසුම් නොසන්සුන් උනා ඈ
මගෙම වෙන තුරා

කවුරුත්ම නොවූ 
දෙවිදුන් අතින් මැවූ
පෙරුමන් දැරු පෙම් කතාවක්
මෙලෙස ඇරඹුනා

පෙම් ගීතිකා හද පුරා
මගේ ප්‍රේමී නමින් ලියවුනා

මට කළ ආරාධනා....//