මට හිතා ගන්න බැරි තරමටmata hithaa ganna baeri tharamata

Mata Hitha Ganta Bari Tharamata

සංගීතය:
චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චිchandhresna hettiaarachchi

ගී පද

මට හිතා ගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා
මට දරා ගන්ට බැහැ නෙතු අග කඳුළු බොඳ වෙලා
ඇස් පියලි අඟින් ඉඟි කර මට ආදරේ කියා
යන්නමට හදයි ඒ මතකය මට ලියා තියා
මට හිතා ගන්ට බැරි තරමට නුඹ දුරස් වෙලා

රෑ අහස් කොනේ සඳ තනියෙන් මුදුනටම වෙලා
ළඟ උන්නු තරුව නෑ කොහෙදෝ ගිහින් සැඟවිලා
ඉස්සරම දිනෙක ඔබ දුන් හාදුව මතක් වෙලා
අද මටත් නොදැන උණු කඳුළින් දෙනෙත බරවෙලා
මට හිතා ගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා

ආදර කවියේ පද එකිනෙක අමුණලා ඔයා
ඒ සිහින කවේ අරුත සැණින් නුඹ වෙනස් කළා
මා නොදැක දිනෙක නුඹ හැඬුවේ සුසුම් හෙළ හෙළා
ඒ එවන් සොඳුරු ආදරයත් අද වෙනස් වෙලා

මට හිතා ගන්න බැරි තරමට ....