මට හිමි නැති කඳුළුmata himi naethi kandulu

Mata Himi Nathi Kadulu

සංගීතය:
උදාර සමරවීරudhaara samarawiira
පද රචනය:
සත්සර කසුන් පතිරණsathsara kasun pathirana

ගී පද

මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

හිතට හිත ඈත් වෙලා..
ආදරේ හුදකලා වෙලා..
ජීවිතේම මං කියලා..
හීන අවතැන් කලා..
දුටු හීන අවතැන් කලා..

විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

ඔබ නැති හීනයේ පවා
මං තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා
මතක තවම තනි රැක්කා..
මතක තවම තනි රැක්කා...

විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..

මට හිමි නැති... /