මට අයිති වෙලාmata ayithi welaa

Mata Aithi Wela

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
ඩිලාන් ගමගේdilaan gamagee

ගී පද

මට අයිති වෙලා තියෙන ඔයා
තවකෙක් උදුරයි කුරිරු වෙලා
ඔයා දීලා බැහැ වෙන කෙනෙකුටනම්
(ඔයා තමයි මට මැව් කෙනා...//)
කොහොමදෝ මම ඔබ තව කෙනෙකුට දීලා ඉන්නේ
මං තරමට නම් කිසිම කෙනෙක් නෑ ඔබව බලා ගන්නේ...

කඳුළු මැදින් දුරු කතර ගෙවන් 
ආවත් හැල හැප්පිලි මැද්දෙන්
මෙතනින් නතරව දෙපැත්තකට යං
කියන්නෙපා නෙතු පියවෙනකම් 
කොහොමදෝ මම ඔබ තව කෙනෙකුට දීලා ඉන්නේ
මං තරමට නම් කිසිම කෙනෙක් නෑ ඔබව බලා ගන්නේ...

පෙනෙන දුරක දුක දෙකට බෙදන්
ඉමු අපි දෙන්නම එකෙකු ලෙසින්
ඔයා එපා මට යන්න දෙන්න දැන්
කියන්නෙපා නෙතු පියවෙනකම් 
කොහොමදෝ මම ඔබ තව කෙනෙකුට දීලා ඉන්නේ
මං තරමට නම් කිසිම කෙනෙක් නෑ ඔබව බලා ගන්නේ...

මට අයිති වෙලා......