ගී පද
වියරු කඳුළැලි පතිත මිහිකත
දෙවුන් නොව රුපු රඝුන් රජයන
සලෙළු තුඩු අග විනිවිදින නිය
තිසර'තර ගිලි වියෝ රාවය
හඬමි වැළපෙමි බිහිරි කන් මත
මොර ගසන නෑසෙන විලාපය
දකිමි නික්මෙමි මහබිනික්මණ
ඇවිළි නිර සංසාරයේ...
යකුනි කඩවර රීරි මහසෙන්
වර බලවු නිරි තිරිසනා
රමණ රති රඟ මරණ මරසෙන්
බරු ගසවු ඈ නාමිනා...//
රුදු රකුසු වෙස වියරු මර හඬ
ගිගුම් දෙන අඹරේ
කොයිද යැදි මා දෙව් බඹුන් ගණ
අඳුරු මාරුතයේ
රුදු රකුසු වෙස වියරු මර හඬ
ගිගුම් දෙන අඹරේ
කොයිද යැදි ඈ දෙව් බඹුන් ගණ
අඳුරු මාරුතයේ
රුහිරු වගුළ බිඟු පෙම යැදි ළය වුවනේ
සුහුරු වුණිද මරු පහිණ දරන යකුනේ
යකුනි කඩවර රීරි මහසෙන්
වර බලවු නිරි තිරිසනා
රමණ රති රඟ මරණ මරසෙන්
බරු ගසවු ඈ නාමිනා