ගී පද
(මැන්ජෝ රබන් සද්දේ බංගලාවේ ඇහෙනවා
වයින් බිබී බේබි හාමු සින්දු කියනවා
සීතල පිනි කැට අහසින් කඩන් වැටෙනවා
ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා....//)
(මාළු බැදලා මස් පුච්චලා කෑම හදන්නේ
අපට කලින් හොරෙන් ආයා ගෙනත් කවන්නේ
ඩිංග ඩිංග ආලවන්තකම් වැඩිවෙන්නේ
මුර කූඩුවේ එළිවෙනකම් හීන මවන්නේ.....//)
මැන්ජෝ රබන්....
(කන්ඩි කපලා මැටි පාගලා ගෙයක් හදන්නම්
මුකලානේ මම ඇවිදලා හේන් කොටන්නම්
පොල්කටු මාලයක් දමලා ඔබ සරසන්නම්
පෝය එනවා ඊට කලින් කැන්දන් එන්නම්......//)
මැන්ජෝ රබන්.....