ගී පද

මෑණියනි හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා 
මා ළයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා 
ජිවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා 
මෑණියනි ඔබේ දෙපය අසල වඳිමි දණ නමා 

ඔබේ හසරැලි ඔබේ කඳුලැලි මට දැක පුරුදුයි 
ඔබේ උදහස ඔබේ අදහස මට හුරු පුරුදුයි 
සිරුර පුරා දියවන ලේ සුවඳ සුපුරුදුයි
සිරස නමමි ඔබේ නාමය සදා පිවිතුරුයි 

මෑණියනි හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා 
මා ළයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා 
ජිවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා 
මෑණියනි ඔබේ දෙපය අසල 
වඳිමි දණ නමා...////