ගී පද
මැණිකේ මගේ හිතේ මුදු ඒ නුරා හැගුම්
යාවී ඇවිලේවී
නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා
මෙහා යාවී සිහිවේවී...
(මා හිත ලගම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී සුකුමාලී නුඹ තමා...//)
මැණිකේ මගේ හිතේ...
ඉතිං එපා මටනං වංගු
ගත හිත නුඹ මගෙන්ම හැංගු
ආලේ නුඹටම වලංගු
මැණිකේ වෙන්නෙපා තව සුනංගු...
ගමේ කටකාරම කෙල්ල
හිත වෙලා නුඹෙ රුවට බිල්ල
නෙතින් නෙත ගත්තාම අල්ල
මගෙ හිතත් නැහැ මටම මෙල්ල...
කෙල්ලේ කෙල්ලේ
වෙලා මගෙ හිත පත්තු
වෙනවාද තව ටිකක් කිට්ටු
මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සු...
ඔයා දුන්න ඉගියට මත්වූ
බඹරෙකි මම තටු ඉස්සූ
ඔයා වටකරගෙන රැස්වූ රොත්තෙන්
හිත අරගත්තු බඹරා...
මා හිත ලගම දැවටෙනා...//
මැණිකේ මගේ හිතේ...
මා හිත ලගම දැවටෙනා...//