මැණිකmaenika

Manika

සංගීතය:
දිලීප සාරංගdhiliipa saaranga
පද රචනය:
රොෂාන් සමරවික්‍රමroshaan samarawikrama

ගී පද

යාලු වෙන්න බෑමලු කාගෙවත්ම නෑමලු 
ආයෙ වෙන්නෙ නෑමලු මින්මතු දිහා 
තාම නම් ඔයාමලු හීනෙනුත් දකින්නෙලු 
මේ භවේදි නෑමලු අයිති අපි සදා

(මං දන්නවා මැණික අද මට වඩා 
දුක් වෙන තරම් ඔබට මං නෑ කියා...//) 

උන්නු කාලෙ යන්නලු ඕන වූයෙ අපිටලු 
වෙන්වෙලාම යන්න හේතු හෙව්වෙ මං විතරලු 
ගෙවුනු කාලෙ මතකලු හීනයක් හැබෑ වුනු 
ආයෙ එන්නෙ නෑ කියාලා දන්නවාලු ඒකත් 

වරද මාගේ කියන් 
බැහැ බදාගෙන දුරින් 
දින ගනන් දුක් වෙමින් 
ඉන්න කාලෙට බයෙන්

(මං දන්නවා මැණික අද මට වඩා 
දුක් වෙන තරම් ඔබට මං නෑ කියා...//) 

වාව ගන්න බෑමලු දාලා යන්නෙ නෑමලු 
කීව මාව ඕන වෙන්නෙ ආදරේම හින්දලූ 
හේතු දන්නෙ නෑමලු ඇයි උනේ ඔයා රුදූ 
රන්ඩු වූයෙ යාළු වීල ආදරෙන් හිදින්නලු 

වරද මාගේ කියන් 
බැහැ බදාගෙන දුරින් 
දින ගනන් දුක් වෙමින් 
ඉන්න කාලෙට බයෙන්

(මං දන්නවා මැණික අද මට වඩා 
දුක් වෙන තරම් ඔබට මං නෑ කියා...//)

යාලු වෙන්න බෑමලු කාගෙවත්ම......

(මං දන්නවා මැණික අද මට වඩා 
දුක් වෙන තරම් ඔබට මං නෑ කියා...//)