මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝmangala naekathee dhiigeka giya mage nangoo

Mangala Nekathin Digeta Giya Mage Nango

ගී පද

මංගල නැකතේ දීගෙක ගිය මගෙ නංගෝ
කවුරුන් කවදා මා කැන්දාගෙන යාදෝ
මා පිය සෙවනේ මා තනි වේවී
මංගල යහනේ ඔබ සැතපේවී
මගෙ හිමි සඳු කොහෙදෝ

දින සති ගෙවිලා කල් ගතවීලා නෑ තව ආවේ
ආදර සිතුවිලි සාගර පතුලේ සඟවී යාවේ
පෙම් සිතුවිල්ලේ සිත කැළඹිල්ලේ
සිහින තොටිල්ලේ මා ලතවිල්ලේ
මගෙ හිමි සඳු කොහෙදෝ

කලවයසත් ගතවීගෙන යනවා ගෙදරට යාළු
මල්සර දුන්නෙන් ආලවඩන්නේ කෙදිනද යාළු
හිමිසඳු හමුවී පෙම්මල් පීදී
සළුපිළි දෑතින් කුමරු වඩීවී
රෑ සයනේ සිහිනේ