මංගල නැකතින් යන්නටmangala naekathin yannata

Mangala Nakathin Yannata

ගී පද

මංගල නැකතින් යන්නට 
සුභ වෙලාව ලංවිය දියණි 
අපේ සෙවණ හැර අපට නොරිදවා 
ඔබ අපගෙන් සමුගන්නේ 
සුභ ගමනක් වේවා සුදු දුව 
සුභ ගමනක් වේවා

මමත් ඔබ වගේ මංගල නැකතින් යන්න 
මවුපිය නොරිදා ආ වග සිහියට ගන්න 
දෙවියෙකු වැනි විය ඔහු මට සැම සැප දුන්න 
මටත් වගේ එය ඔබටත් හිමිවන්න

සුභ ගමනක් වේවා සුදු දුව
සුභ ගමනක් වේවා... 

මංගල නැකතින්...

මගේ සුසුම ලෙස ඔබේ සුසුම මට හැඟුනේ 
මගේ සුවඳ ලෙස ඔබේ සුවඳයි මට දැනුනේ 
ඔබේ රුවමයි මේ නිවසේ හැමතැන පෙනුනේ 
නොබිඳෙයි සුදු දුව මේ සෙනෙහස සසරේ 

සුභ ගමනක් වේවා සුදු දුව 
සුභ ගමනක් වේවා...//