මංගල නැකතේ චූටි නංගි මගේmangala naekathee chuuti nangi magee

Mangala Nakathe Chuti Nangi Mage

ගී පද

මංගල නැකතේ  චූටි නංගි මගේ
පොරුව මත නැගිලා 
ලැජ්ජා හිතිලාද තරහා වෙලා වගේ
අහක බලා ඉන්නේ
බලන්න ලස්සන හොරෙන් බලන හැටි
ආදර සිත් බැදිලා
පුංචි සිනා ඇගේ මල් වැහි වස්සනවා

ඉඳ හිට තරහා වෙලා බොරුවට සණ්ඩු කළා 
නැවතත් යාළු වෙලා සිටියා සැඟවිලා 
පාසල් ගිය කාලේ ගුරුතුම තලන වෙලේ 
ගලනා කඳුළු මගේ මතකයි අද වාගේ
 
මංගල නැකතේ...

නංගිව තනි කරලා පියමං මනිනු බලා 
රහසේ කඳුළු සලා සිටියා සිනාසිලා
ලස්සන අද දවසේ මංගල ගීත ඇසේ 
අපි දෙන්නගේ දෑසේ සතුටු කඳුළු ගැවසේ  

මංගල නැකතේ...