මංගල මධු සහය පතාmangala madhhu sahaya pathaa

Mangala Madhu Sahaya Patha

ගී පද

මංගල මධු සහය පතා කුලගෙට ආ රූපිකාව
පාළු ලොවක තනි කරදා දියඹට යනවා
කුසගින්දර නිවා ගන්න දියඹට යනවා
හෝ හෝ හෝ හෝ හෝයියා හෝයියා //

රැල්ල බිදෙන අදෝනාව ජීවන මලපොත කියවයි
නිම්නැති නිම් වළළු කෙරෙන් සම්පත ඇය සැනසුමයි
ඇය මට අත වනනු පෙනේ ඉවුර කොනේ අතු පැලේ
හෝ හෝ හෝ හෝ හෝයියා හෝයියා

අඳුර දවන තාරකාව කළු ලැන්තෑරුම් එළියයි
ඔරු බඳ තුරුලේ දැනුනේ ඊයේ ලද උණුසුමයි
ඇය මට අත වනනු පෙනේ ඉවුර කොනේ තොටුපළේ
හෝ හෝ හෝ හෝ හෝයියා හෝයියා